Connect with us

පුවත්

කන්දකාඩු සිද්ධිය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

Published

on

ඊයේ (07) කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ එවැනි සිදුවීම් යළි ඇති නොවීමට අවශ්‍ය පියවර ගතයුතු බවයි.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ඊයේ රාත්‍රී රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගත් බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.

තුවාල ලැබූ රැඳවියන් 05 දෙනෙකු වැලිකන්ද රෝහලටත් වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව රෝහලටත් ඇතුළත් කර තිබුණි.

මේ අතර, තවත් පිරිසක් පලාගොස් ඇතැයි ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මේ අතර, ‘අද’ පුවත්පත වාර්තා කර තිබුණේ කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ කලහකාරී ලෙස හැසිරෙන රැඳවියන් අද (07) පෙරවරුවේ එම කඳවුරු භූමිය තුළ ඇති 9 වැනි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් අයත් අවි ගබඩාවට පැමිණ එහි අවි ගැනීමට තැත් කිරිමේදී වහාම ක්‍රියාත්මක වූ සොල්දාදුවන් අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කීරිමට කටයුතු කර ඇති බවයි.

පුවත්

කෙහෙළිය අල්ලස් කොමිසමට පැමිණේ

Published

on

By

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.

Continue Reading

පුවත්

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

Published

on

By

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

පාරිභෝගිකයින් විසින් අන්තනෝමතික ලෙස බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් වෙත ඒකරාශි වෙමින් අනවශ්‍ය තදබදයක් හා පෝලීම් ඇති කරමින් කටයුතු කරන බවට වාර්තාවී ඇති හෙයින් මෙම පියවර ගත් බවද තෙල් සංස්ථාව පෙන්වා දෙයි.

ඒ අනුව, ඉහත තීරණය ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දැනුම්දී ඇත.

ඊට පටහැනිව කටයුතු කළහොත් බෙදුම්කාරත්ව ධූරය සම්බන්ධව දැඩි විනයානුකූල පියවර ගන්නා බවත් සංස්ථාව දන්වා තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් පෙන්වා දෙන්නේ සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබියදී පාරිභෝගිකයින් විසින් අනියත බියක් ඇති කරගෙන මෙලෙස කටයුතු කරන බවට පෙනී යන බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි හා බැරල් වලට ඉන්ධන නිකුත් කිරීම තහනම් කර ඇති බවය.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ (සජීවි විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය පහතින් දැක්වේ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved