ඊයේ (07) කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ එවැනි සිදුවීම් යළි ඇති නොවීමට අවශ්‍ය පියවර ගතයුතු බවයි.
කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ඊයේ රාත්‍රී රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගත් බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.
තුවාල ලැබූ රැඳවියන් 05 දෙනෙකු වැලිකන්ද රෝහලටත් වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව රෝහලටත් ඇතුළත් කර තිබුණි.
මේ අතර, තවත් පිරිසක් පලාගොස් ඇතැයි ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
මේ අතර, ‘අද’ පුවත්පත වාර්තා කර තිබුණේ කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ කලහකාරී ලෙස හැසිරෙන රැඳවියන් අද (07) පෙරවරුවේ එම කඳවුරු භූමිය තුළ ඇති 9 වැනි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් අයත් අවි ගබඩාවට පැමිණ එහි අවි ගැනීමට තැත් කිරිමේදී වහාම ක්‍රියාත්මක වූ සොල්දාදුවන් අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කීරිමට කටයුතු කර ඇති බවයි.