පුවත්

කරන්නාගොඩට හා බිරියට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරයි!

Published

on

වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට සිය රටට ඇතුළුවීම වළක්වාලමින් අමෙරිකා එක්සත් ජනපදය විසින් තහනමක් පනවා තිබේ.

මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ වසන්ත කරන්නාගොඩ මහතාට එම තහනම පනවා ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටෝනි ජේ. බ්ලින්කන් පෙන්වා දෙන්නේ වසන්ත කරන්නාගොඩ මහතාට සහ ඔහුගේ බිරිඳ ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩ මහත්මියට එම තහනම පනවා ඇති බවය.

යුද ගැටුම් පැවති සමයේ එවකට නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කිරීමේ දී සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවක් හේතුවෙන් වසන්ත කරන්නාගොඩ මහතාට එම තහනම පැනවීමට තීරණය කර ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

Trending

Exit mobile version