පුවත්

“කරවිට සීයා” පොලිසියෙන් වෙඩි කා නසියි!

Published

on

හංවැල්ල හරස් පාරේ වෙළෙඳසැලක හිමිකරුගේ පපුවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍යව සිටි සැකකරුවෙකු පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ “කරවිට සීයා” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි.

ඔහු පසුගිය දෙසැම්බර් මස 18 වනදා අදාළ ඝාතනය සිදුකර තිබූ බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලීසිය විසින් අදාළ වෙළෙඳසැලේ හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධියට අනුබල දීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරු හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේ රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව පොලීසිය සැකකරු සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇත.

එම මෙහෙයුම අතරතුර සැකකාර පුද්ගලයා පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති අතර පෙරළා පොලිසාය එල්ලකළ වෙඩි ප්‍රහාරයෙන් සැකකරු බරපතළ තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

සබැඳි පුවත්
හංවැල්ලේ ඝාතනයට ආ යතුරු පැදිය හමුවෙයි ! (වීඩියෝ)

Trending

Exit mobile version