ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ CT ස්කෑන් යන්ත්‍ර දෙකම මේ වන විට අක්‍රීය වී ඇතැයි එම රෝහලේ ප්‍රකාශකයෙක් පවසයි.
රෝහල සතුව තිබූ CT ස්කෑන් යන්ත්‍ර දෙකෙන් එකක් පසුගිය වසරේ සිට අක්‍රීය වී ඇති අතර, අනෙකුත් යන්ත්‍රයද පසුගිය මස සිට අක්‍රිය වී තිබෙන බවත් වාර්තා වේ.
මේ නිසා විශාල මුදලක් වැය කරමින් මෙම පරීක්ෂණ පිටතින් සිදු කරගැනීමට සිදු වීම හේතුවෙන් රෝගින් විශාල අපහසුතාවයකට ලක්ව සිටින බවද පැවසේ.