විශ්වවිද්‍යාල වල පවතින කලා උපාධි පාඨමාලා විෂයන් රැසක් රැකියා වෙළෙඳපොලට උචිත ලෙස යාවත්කාලීන කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
වෘත්තිමය හා ප්‍රායෝගික හැකියාවන් වර්ධනය කර වත්මන් සමාජ රැකියා ඉල්ලුමට සරිලන පරිදි නිර්මාණය කිරීම මෙහි අරමුණ වේ.
අදාල යාවත්කාලීන කිරීම් ලබන වසර (2024) අවසාන වීමට පෙර සිදු කිරිමට නියමිතය.
මේ වන විට කලා විෂය ධාරාවෙන් උපාධි පාඨමාලා 314ක් ක්‍රියාත්මක බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා සඳහන් කරයි.