පුවත්

කළුතර දැරියගේ ඝාතක සීසර් අල්ලයි!

Published

on

කළුතර බාලිකා විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියයාම සම්බන්දයෙන් සොයමින් සිටී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලිසිය සමත්ව තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ඉසුරු උයනේ පදිංචි 29 හැවිරිදි සීසර් කෙනෙකු බව කියන ධනුෂ්ක ගයාන් සහබන්දු නැමැත්තෙකි.

සැකකරු ගාල්ල ප්‍රදේශයේ සැගව සිටින බවට කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාට ලද තොරතුරක් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පිරිසක් සමග හික්කඩුව ප්‍රදේශයේ අද අළුයම කළ වැටලීමකින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට නියමිත බවද සදහන් වේ.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැටලීම සිදුකර ඇත.

ජායාරූපය – ලංකාදීප

සබැදි පුවත්

කළුතර දැරිය මැරූ සීසර් ට විවාහ දෙකක්!

කළුතර සිසුවියගේ සිරුරේ දත් පහරවල්; සැකකරු තවම නිදැල්​ලේ

කළුතර පාසල් සිසුවිය මැරුවේ සීසර් කෙනෙක්!

Trending

Exit mobile version