Connect with us

පුවත්

කළුතර ප්‍රධාන හා අතුරු මාර්ග 15ක් තාවකාලිකව වසා දැමේ

Published

on

අයහපත් කාලගුණයෙන් ඇතිවූ ගංවතුර තත්ත්වයට කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09ක ප්‍රධාන හා අතුරු මාර්ග 15 ක ගමනා ගමන කටයුතු අද (03) දිනයේ සිට තාවකාලිකව සම්පුර්ණයෙන්ම නතර කර දමා තිබෙන බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ එකකය සඳහන් කරයි.

ඒ අනුව බුලත්සිංහල ,මතුගම ,වළල්ලාවිට, පාලින්දනුවර ,ඉංගිරිය ,මදුරාවල, බණ්ඩාරගම, මිල්ලනිය සහ අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත සඳහන් පරිදි වලල්ලාවිට අවිත්තාව මාර්ගය, අගලවත්ත, කුඩලිගම මාර්ගය, මතුගම අලුත්ගම මාර්ගය, බදුරලිය කලවාන, බදුරළිය හැඩිගල්ල සහ බදුරලිය පැණිගල මාර්ගය මේ වන විට වසා දමා තිබේ.

තවද රත්නපුර ඉංගිරිය මාර්ගය, බුලත්සිංහල මෝල්කාව සහ බුලත්සිංහල ඉහළ වෙල්ගම මාර්ගය, යාල වේරවත්ත මාර්ගය, වරකාගොඩ කලවැල්ලාව මාර්ගය, මතුගම හොරණ අංක (458) මාර්ගය, ඇලමෝදර පරගස්තොට මාර්ගය, කොළ මැදිරිය මිල්ලනිය මාර්ගය, යන ප්‍රධාන හා අතුරු මර්ගවල රථවාහන ගමනා ගමන කටයුතු තාවකාලිකව නතර කළ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ එ්කකය සඳහන් කරයි.

ජනතාවගේ පහසුව තකා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මගින් ප්‍රධාන මාර්ගවලට අඟුල් 09 ක් බෝට්ටු අටක් සමඟ යුද හමුදාව ,නාවික හමුදාව සහ ආපදා කළමනාකරණ ඒකකයේ නිළධාරීන් ද යොදවා ඇතැයි කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ එම්. පී.ආර්.පී.එස්. පෙරේරා මහතා පවසයි.

පුවත්

පරාටේ නීතිය අද සිට ක්‍රියාත්මකයි

Published

on

By

බැංකුවලට ඇප ලෙස පවරා තිබෙන දේපොළ පවරා ගැනීමේ බලය හිමිවන පරාටේ නීතිය ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට නැවත බලාත්මක කර තිබේ.

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම වත්මන් ආණ්ඩුව විසින් මාස 3කට අත්හිටවූ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට පෙර මාස 06ක කාලයකට එම නීතිය අත්හිටුවා තිබුණි.

කෙසේවෙතත් එම නීතිය බලාත්මක කිරීම තුළින් මෙරට කර්මාන්ත කඩා වැටෙන බව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඇතුළු ව්‍යාපාරිකයින් පෙන්වා දෙයි.

එම නිසා තවත් වසරක කාලයක් සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස ව්‍යාපාරිකයින් රජයෙන් ඉල්ලීමක් කළේය.

පරාටේ නීතිය නැවත බලාත්මක කිරීමේ දී පවතින ගැටලු පිළිබඳව අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවය.

පරාටේ නීතිය ක්‍රියා­ත්මක වී අද සිට ව්‍යාව­සා­ය­ක­යන්ගේ හා කර්මා­න්ත­ක­රු­වන්ගේ දේපොළ වෙන්දේ­සිය ඉතා වේග­යෙන් ක්‍රියා­ත්මක කිරී­මට අනු­මැ­තිය හිමි වන බවත් මේ තුළින් ක්ෂුද්‍ර කුඩා මධ්‍යම පරි­මාණ කර්මා­න්ත­ක­රු­වන් සහ ව්‍යව­සා­ය­ක­යන් රැස­කගේ දේපොළ වෙන්දේ­සි­වී­මට නිය­මිත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පවසයි.

විශේෂ ප්‍රකා­ශ­යක් කර­මින් විපක්ෂ නාය­ක­ව­රයා ඊයේ (30) මේ අදහස් දැක්වීය.

රටේ දළ දේශීය නිෂ්පා­ද­න­යට 50%කට වැඩි දාය­ක­ත්ව­යක් ලබා දෙමින් 40 ලක්ෂ­ය­කට වැඩි ප්‍රමා­ණ­ය­කට රැකියා ලබා දෙන්නේ මේ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරි­මාණ කර්මා­න්ත­ක­රු­වන් සහ ව්‍යව­සා­ය­ක­යන් බව හෙතෙම පෙන්වා දෙයි.

මේ පරාටේ නීතිය නැවත වරක් ක්‍රියා­ත්මක කර ව්‍යව­සා­ය­ක­යන්ගේ හා කර්මා­න්ත­ක­රු­වන්ගේ දේපොළ හා සම්පත් පරාටේ නීතිය හරහා වෙන්දේසි වන විට මේ ක්ෂේත්‍ර­යෙන් දළ දේශීය නිෂ්පා­ද­න­යට වෙන දාය­ක­ත්වය අඩු වෙන බවට ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රමුඛ ආණ්ඩුව සිතිය යුතු බවත් එය ඍජු­වම ආර්ථික වර්ධ­න­යට බල­පාන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා වැඩිදුරටත් පැවසීය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය දවස් දෙකකින්…

Published

on

By

ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, ජාතික ගමනා ගමන කොමිසම රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණක් ගැනීමට නියමිත බවය.

නයෝමි ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් සඳහන් කලේ, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුලි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද ඉන්ධන මිල සංශෝධනයත් සමග එය අද (01) දිනයේ ක්‍රියාත්මක නොවන බවය.

Continue Reading

පුවත්

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

Published

on

By

කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සදහන් කළේය.

කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ (30) රාත්‍රී පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් තිබුණි.

පසුව ඔවුන් දෙදෙනා පාලු ප්‍රදේශයකට ගෙන ගොස් වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 22 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර 27 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර කහවත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved