පුවත්

ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන විගණනයක් දෙන්නැයි අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්

Published

on

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය නිලධාරීන්ට පවසා තිබේ .

ක්‍රීඩා අමාත්‍යංශයේ ප්‍රතිපාදන වියදම් කිරීම පිළිබඳ සංඛ්‍යා ලේඛන පැවතිය ද එහි ප්‍රගතිය සම්බන්ධයෙන් නිසි විගණනයක් අවශ්‍ය බවත්, කඩිනමින් ඒ පිළිබඳ අභ්‍යන්තර විගණනයක් සිදු කරන ලෙස ඇය උපදෙස් ලබා දී ඇත.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතනවල ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී අගමැති මේ බව සඳහන් කර සිටියාය .

Trending

Exit mobile version