පුවත්

ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ දැනුම වඩන්න වැඩමුළුවක් (ඡායා)

Published

on

ගෝලීය ඉල්ලුමට සරිලන පරිදි ශ්‍රී ලංකාවේ සියලුම ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ දැනුම යාවත්කාලීන කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් විශේෂ වැඩමුළුවක් පසුගියදා එහි මූලස්ථානයේ පවත්වන ලදී.

එහිදී ශ්‍රී ලාංකික ක්‍රීඩා වෛද්‍යවරයාගේ විකාශනය, භූමිකාව සහ වගකීම්, පොදු ප්‍රායෝගික ප්‍රශ්න, පුහුණුකරුවාගේ සහ ක්‍රීඩකයාගේ අවශ්‍යතාවය, ක්‍රීඩාවේ වැරදි වැළැක්වීම, පිරිසිදු ක්‍රීඩකයා සහ මාධ්‍ය භාවිතය යන මාතෘකා යටතේ කරුණු සාකච්ඡා කරන ලදි.

ශ්‍රී ලාංකික ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දස දෙනෙකු විසින් වැඩමුළුව මෙහෙයවූ අතර නෙට්බෝල් පුහුණුකාරිනී තිලකා ජිනදාස මෙනවිය,ක්‍රිකට් පුහුණුකාරිනී ශෂිකලා සිරිවර්ධන මහත්මිය, ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්ධන ඒකක ප්‍රධානී තේජක වනිගසේකර මහතා සහ ප්‍රවීණ මාධ්‍යවේදී රන්ජන් පරණවිතාන මහතා ආරාධිත දේශකයන් වශයෙන් සහභාගී වූහ.ගෝලීය ඉල්ලුමට සරිලන පරිදි ශ්‍රී ලංකාවේ සියලුම ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ දැනුම යාවත්කාලීන කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් විශේෂ වැඩමුළුවක් පසුගියදා එහි මූලස්ථානයේ පවත්වන ලදී.

එහිදී ශ්‍රී ලාංකික ක්‍රීඩා වෛද්‍යවරයාගේ විකාශනය, භූමිකාව සහ වගකීම්, පොදු ප්‍රායෝගික ප්‍රශ්න, පුහුණුකරුවාගේ සහ ක්‍රීඩකයාගේ අවශ්‍යතාවය, ක්‍රීඩාවේ වැරදි වැළැක්වීම, පිරිසිදු ක්‍රීඩකයා සහ මාධ්‍ය භාවිතය යන මාතෘකා යටතේ කරුණු සාකච්ඡා කරන ලදි.

ශ්‍රී ලාංකික ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දස දෙනෙකු විසින් වැඩමුළුව මෙහෙයවූ අතර නෙට්බෝල් පුහුණුකාරිනී තිලකා ජිනදාස මෙනවිය,ක්‍රිකට් පුහුණුකාරිනී ශෂිකලා සිරිවර්ධන මහත්මිය, ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්ධන ඒකක ප්‍රධානී තේජක වනිගසේකර මහතා සහ ප්‍රවීණ මාධ්‍යවේදී රන්ජන් පරණවිතාන මහතා ආරාධිත දේශකයන් වශයෙන් සහභාගී වූහ.

Trending

Exit mobile version