ආනයනික කිරිපිටි සඳහා රේගූ ආනයනික බද්ද ඊයේ (12) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 100/-ක බද්දක් අය කිරීමට නියමිත බව වාර්තා වේ.
මුදල් අමාත්‍යාංශය විසින් ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක් සඳහා 20%ක හෝ රුපියල් 225/-ක රේගු ආනයනික බද්දක් පනවා තිබු අතර පසුගිය කාලයේ එය ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.
කෙසෙේවුවද, ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 100/-ක බද්දක් පනවා ඇති බව වාර්තා වේ.
මුදල් අමාත්‍යාංශය පවසන්නේ නැවත දැනුම්දෙන තුරු මෙම බදු සංශෝධනය ක්‍රියාත්මක බවයි.
මේ අතර, කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කියා සිටින්නේ බදු ඉහළ දැමීමක් සිදුවුවද කිරිපිටි මිලෙහි වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බවයි.