පුවත්

කුකුළු මස් අහස උසට යද්දී කුකුළු පැටවු ඌරන්ට කන්න දැමූ ජාතික ආයතනයක්

Published

on

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කුකුළු ගොවිපොළවල සිටින  කුකුළු පැටවුන් 5000 ක් සතිපතා ඌරු කෑම සඳහා ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පෙරේදා (11) පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ.

එම සාකච්ඡාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා ජාතික හදබිම අධිකාරියේ නිලධාරීන්ද එයට සහභාගි වී සිට ඇත.

එහිදී ඇමැතිවරයා ඌරන්ට ආහාර පිණිස දුන් කුකුළු පැටවුන් මස් පිණිස ඇති කිරීම සඳහා කැමැත්තක් දක්වන පුද්ගලයින් අතර නොමිලයේ බෙදා හැරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබාදී ඇතැයි පැවසේ.

රැකියා විරහිතව සිටින පුද්ගලයින්ට මෙම සතුන් නොමිලයේ ලබා දී ඔවුන්ගේ දෛනික ආදායම වැඩි කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන ලෙස ද අමාත්‍යවරයා එහිදී උපදෙස් දී තිබේ.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මේ කුකුළු පැටවුන් ඌරන්ට කෑමට දමා ඇත්තේ කුකුළු මස්වල මිල අධික ලෙස ඉහල යමින් තිබියදී වීම නිසා ඒ් සම්බන්ධයෙන් දැඩි සමාජ මාධ්‍ය කතිකාවක්ද ආරම්භ වී තිබේ.

සබැදි පුවත්
2024 සිට කුකුළු මස් සහ බිත්තර රටින් ගෙන්න‌ේ නෑ – කෘෂිකර්ම ඇමති

Trending

Exit mobile version