පුවත්

කුරුඳුවත්තේදී පොලිස් නිලධාරියා යටකළ රියදුරු රිමාන්ඩ්

Published

on

කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී ඊයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් රියදුරුව ලබන 10දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුව කොළඹ අංක 07 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.

මේ අතර, රථවාහන රාජකාරියේ නිරතවී සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ පොලිස් කොස්තාපල්වරයාව සැරයන් නිලයට උසස් කර තිබේ.

සබැඳි පුවත් :

පොලිස් දොස්තරගේ පුතා PCගේ ජීවිතය උදුරගනියි

පොලිස් ලොක්කෙක් ගේ පුතෙක් කොස්තාපල්ව යටකරලා! (ඡායා)

Trending

Exit mobile version