පුවත්

කුරුඳු වලට නව දෙපාර්තමේන්තුවක්

Published

on

කුරුඳු සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

අදාළ දෙපාර්තමේන්තුව ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට එසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

‘කුරුඳු  සංවර්ධන දෙපාර්තමේන්තුව’ නමින් ස්ථාපනය කිරීමට යෝජිත මෙම නව දෙපාර්තමේන්තුව හරහා කුරුඳු නිෂ්පාදනය සහ අපනයනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම, කුරුඳු නිෂ්පාදන වල ගුණාත්මකභාවය වර්ධනය කර ගැනීම, අගය එකතු කිරීම ,නිෂ්පාදන විවිධාංගීකරණය වැනි කටයුතු සඳහා කුරුඳු වගා කරුවන් සැපයුම් කරුවන් මෙන්ම අපනයන කරුවන් වෙත අවශ්‍ය පහසුකම් සැපයීම සිදු කෙරේ.

අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ කුරුඳු සුළු අපනයන භෝගයට පමණක් විශේෂ අවධානයක් යොමුකිරීම සඳහා මෙලෙස වෙනමම දෙපාර්තමේන්තුවක් ස්ථාපනය කරන බවයි.  

මෙය කිසිසේත්ම විශාල පිරිසක් සිටිනා නව දෙපාර්තමේන්තුවක් නොවන බවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේම සිටින විෂයානුබද්ධව දැනට කුරුඳු භෝගය සම්බන්ධයෙන් කටයුතු කරන කොටස් වෙනම පවතින දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීම සිදුකරන බවද අවධාරණය කළේය.

Trending

Exit mobile version