ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් ආනයනය කෙරෙන උපකරණවල සියලු බදු අහෝසි කිරීමේ යෝජනාව මෙම සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි ගාමිණි වලේබොඩ පැවසූ බව ‘අරුණ’ පුවත්පත වාර්තා කරයි.
රේගු, අගය එකතු කිරීමේ සහ සමාජ ආරක්ෂණ යන සියලු බදු මෙම උපකරණ සඳහා අය කෙරෙන අතර, මෙම බදු අය කිරීමෙන් ආබාධිත තැනැත්තන් අසාධාරණයට ලක් වන බව ද සභාපතිවරයා පවසා ඇත.
ආබාධිත පුද්ගලයන් විසින් කෘත්රිම පාද, කෘත්රිම අත්, සුදු සැරයටි හා ශ්රවණ උපකරණ ඇතුළු උපකරණ 86ක් භාවිත කරන බව පැවසේ.