හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කරමු ලැබූ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන නියෝගය ප්‍රකාශ කිරීම මැයි මස 07 වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දුන් නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරන ලදී.
එහි නියෝගය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේ අද (30) යි.
කෙසේ වෙතත් අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් මහතා නිවේදනය කලේ එය ප්‍රකාශ කිරීම මැයි මස 07 වැනිදා දක්වා කල්තබන බවයි.