අගෝස්තු මස 22 වන දින යාපනය ඩෙල්ෆ්ට් මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 83 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
නාවික හමුදාව විසින් සිදුකරන නිරන්තර සෝදිසි මෙහෙයුම් මඟින් ලංකාවට අයත් මුහුද කලාපය තුළ සිදුකෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීමට උත්සහා කරනු ලබයි.
ඒ අනුව,අගෝස්තු මස 22 වන දින සිදුකළ මුර සංචාරයකදී,උතුරු නාවික විධානයට අයත් “රණවික්‍රම“ නෞකාව මඟින් යාපනය,ඩෙල්ෆ්ට් මුහුදු ප්‍රදේශයේ සිට ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන එම කේරළ ගංජා තොඟය සොයා ගෙන ඇත.
පාර්සල් 22ක අසුරන ලද කිලෝ 83යි ග්‍රෑම් 200ක තෙත බරැති කේරළ ගංජා තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 27කට අධික බව විශ්වාස කෙරෙන අතර එම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.
(ඡායා – navy.lk)
https://sinhala.srilankamirror.com/wp-content/uploads/2023/08/Navy_Cannabis_23_08_25.mp4