පුවත්

කේ. සුජීවගේ සැමියාගේ අවසන් කටයුතු දියණියන් විසින් සිදුකරයි

Published

on

මාලඹේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත්කර තිබූ ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවන් අතින් වෙඩිවැදී මියගිය 38 හැවිරිදි නයන වාසුල විජේරත්න‍ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10) පස්වරුවේ තලාහේන පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි.

ඔහු මෙම සිදුවීමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවාගේ නිත්‍යානුකූල ස්වාමිපුරුෂයා වන අතර ඔහුගේ දේහය භාරගෙන තිබුණේ ඇයගේ දියණියන් විසිනි.

නයන වාසුල වසර 20ක් පමණ ගම්පහ මහානාම හිමියන් නමින් පැවිදි දිවියක් ගතකළ අයෙකු වන අතර එවක විචිත්‍ර ධර්ම කථිකයෙකු ලෙසද ප්‍රචලිතව තිබුණි.

පැවිදි දිවියට සමුදී 2021 වසරේ ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවා සමඟ විවාහ දිවියට එලැඹ ඇති ඔහු එදින ටැටූ ආයතනය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව තිබුණේ ඒ සඳහා ඇයට ලැබුණු ඇරියුමට අනුවය.

ඔහු සමග එකම දිනයක පැවිදි දිවියට ඇතුළුවූ පූජ්‍ය අඹන්පොළ ඥාණතුසිත හිමියන් සිය පැවිදි මිතුරා පිළිබඳව මෙලෙස මතකය ආවර්ජනය කර තිබුණි.

නිසළවිල සදහම් විහාරයේ විහාරාධිපති පූජ්‍ය අඹන්පොළ ඥාණතුසිත හිමි,

“ඒ කාලේ උන්වහන්සේට මහා ප්‍රසිද්ධියක් ලැබෙන්න පටන් ගත්තා. ඒත් සමග සැප සම්පත් ඇඳී එන්න පටන් ගත්තා. ඒ නිසා පැවිදි ජීවිතයක් ගත කිරීමට තිබූ ඇල්ම ටිකෙන් ටික නැතිවෙලා ගියා.”

Trending

Exit mobile version