පුවත්

කොටහේනේ වෙඩි තිබ්බෙ කිඹුලා ඇළ ගුණා ගේ නෑයෙක්ට!

Published

on

අද (18) පස්වරුවේ කොටහේන 6 වෙනි පටුමගේ දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ කිඹුලා ඇළ ගුණා ගේ ඥාතියෙකුට බව පොලිසිය පවසයි.

මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල වූ 30 හැවිරිදි රවීන්ද්‍රන් තීපන් හෙවත් තිලීපන් නැමැත්තා තුවාල ලබා රෝහල්ගත කර ඇත.

තුවාල ලැබු පුද්ගලයා ඔහුට අයත් මෝටර් රථය කොටහේන 6වෙනි පටුමගේ නතර කර තිබියදී මෝටර් රථය පිටුපස ප්‍රදේශයෙන් කළු පාට කබා සහ ආරක්ෂක හිස් වැසුම් පැළඳ ස්කූටරය කින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එයින් බැස මෝටර් රථය අසලට ගොස් වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ දී තුවාල ලද පුද්ගලයා මෝටර් රථය පණ ගන්වා එම ස්ථානයෙන් ක්ෂණිකව පළාගොස් රෝහල්ගතව ඇතැයි පොලිසිය කියයි.

ඒ හේතුවෙන් වෙඩික්කරුවන්ගේ නිසි ඉලක්කය වැරදී ගොස් ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී මෝටර් රථයේ බඳ පෙදෙස ට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය කියයි.

එල්ල කරන ලද වෙඩි ප්‍රහාර එම පුද්ගලයාගේ දකුණු උරහිසට උදර ප්‍රදේශයට සහ දකුණු කණ අසලට වැදී ඇති බව ජාතික රෝහලේ ප්‍රකාශකයකු පවසා ඇත.

Trending

Exit mobile version