පුවත්

කොළඹ උද්ධමනය 4%ට බහියි

Published

on

කොළඹ නාගරික ප්‍රජාවගේ උද්ධමනය මෙම මස (අගෝස්තු) සියයට 4 ක් දක්වා පහත වැටී ඇති බවත් කොළඹ නාගරික ප්‍රජාවගේ උද්ධමනය ජූලි මාසය සියයට 6.3 ක පැවතුණු බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම අගෝස්තු මාස ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට සෘණ 4.8 දක්වා තවදුරටත් පහත වැටී ඇති බව කියන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එය පසුගිය ජූලි මාස සියයට සෘණ 1.4 ක පැවැති බව ද සඳහන් කරයි.

අගෝස්තු මාස ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 8.7 ක් බවත් එය ජූලි මාසයේදී සියයට 10.5 ක ලෙස පැවැති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

Trending

Exit mobile version