කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ සඳහා පැය 18 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව අද (29) පස්වරු 12 සිට හෙට (30) උදෑසන 6 දක්වා ඉහත ප්‍රදේශවලට ජල කප්පාදුව බලපැවැත්වෙනු ඇත.
අඹතලේ සිට එළිහවුස් දක්වා ජලය සපයන ජල සම්ප්‍රේශන නළයක සිදුකෙරෙන හදිසි හා අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම කප්පාදු කරන බව එම මණ්ඩලය දැනුම්දෙයි.
මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව ජල සම්පාදන මණ්ඩලය සිය කණගාටුව පළ කර තිබේ.