පුවත්

කෝටි 30ක කොකේන් එක්ක කෙන්යානු ජාතිකයෙකු රේගු දැලේ

Published

on

රුපියල් මිලියන 300 ක් පමණ වටිනා කොකේන් තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කෙන්යානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ පස්වරුවේ දෝහා සිට පැමිණි ගුවන් යානයකින් මොහු දිවයිනට පැමිණ ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේය.

බිස්කට් ටින් තුනක අසුරා සැකකරු මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති කොකේන් ප්‍රමාණය, කිලෝ 04කි.

ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන් තොටුපොළේ සිට කටාරයේ දෝහා ගුවන් තොටුපොළ හරහා මෙරටට පැමිණ ඇති 34 හැවිරිදි කෙන්යානු ජාතිකයා සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට භාරදී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Trending

Exit mobile version