පුවත්

ගමේ ගිය අයට කොළඹ එන්න විශේෂ පහසුකම්

Published

on

අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත පැමිණීම සඳහා අද (15) සහ හෙට (16) විශේෂ බස් රථ යෙදවීමට කටයුතු යොදා ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශකර සිටී.

එහි සභාපති ශෂී වෙල්ගම මහතා විසින් පවසන ලද්දේ මගී අවශ්‍යතාව පරිදි එම බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව  ය.

මේ අතර දුම්රියෙන් පැමිණෙන මගී ජනතාවට ද ඔවුන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොලගේ මහතා ප්‍රකාශ කර සිටී.

ඒ අනුව මෙම විශේෂ දුම්රිය බදුල්ල, ගාල්ල හා බෙලිඅත්ත සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන බව ඔහු සඳහන් කලේය.

අතිරේක දුම්රිය කාලසටහන පහතින්.

  • අප්‍රේල් 15 – පෙ.ව. 6.00 – ගාල්ල සිට කොටුව
  • අප්‍රේල් 15 – පෙ.ව. 8.10 – බෙලිඅත්ත සිට කොටුව
  • අප්‍රේල් 15 – ප.ව. 1.50 – ගාල්ල සිට කොටුව
  • අප්‍රේල් 16 – පෙ.ව. 6.15 – ගාල්ල සිට කොටුව
  • අප්‍රේල් 16 – පෙ.ව. 7.45 – බදුල්ල සිට කොටුව
  • අප්‍රේල් 16 – ප.ව. 5.20 – බදුල්ල සිට කොටුව
  • අප්‍රේල් 16 – කාර්යාල දුම්රිය සේවා සාමාන්‍ය පරිදි….

Trending

Exit mobile version