ගෙවල් කුලී පනත අවලංගු කිරීම සහ ඒ වෙනුවට පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ නව පනතක් හඳුන්වා දීමට පනත් කෙටුම්පත් සැකසිම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
1972 අංක 7 දරණ ගෙවල් කුලී පණත අවස්ථා කීපයක දී සංශෝධන සිදු කළද අපේක්ෂිත අරමුණු ඉටු නොවනු බැවින් ඉඩම් හිමියන්ගේ හා කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් සමානව ආරක්ෂා කිරීමේ අරමුණින් නව නීතියක් හඳුන්වා දීම සුදුසු බව යෝජනා වි තිබේ.
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලැබ ඇති ගෙවල් කුලී නීතිය පිළිබඳ උපදේශක කමිටුව විසින් මේ පිළිබඳව කරුණු අධ්‍යයනය කර ඇත.
ඒ අනුව නව පනත් කෙටුම්පත් සකස් කිරිමට වෙනුවෙන් නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අධිකරණ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.