පුවත්

චාල්ස් රජුගේ රුව සහිත මුදල් නෝට්ටු සංසරණයට

Published

on

තුන්වන චාල්ස් රජුගේ රුව සහිත නව මුදල් නෝට්ටු දැන් සංසරණයට පැමිණ ඇති බව වාර්තා වේ.

නමුත් එම නෝට්ටු මුදල් පසුම්බිවල බහුලව දක්නට ලැබීමට තවත් ටික කාලයක් ගත වනු ඇති බව සඳහන්ය.

හානියට පත් මුදල් නෝට්ටු නව බැංකු නෝට්ටු මගින් ක්‍රමයෙන් ප්‍රතිස්ථාපනය කරනු ඇති අතර,නෝට්ටුවලට ඉල්ලුම වැඩි වූ විට මෙම නව නෝට්ටු නිකුත් කරනු ඇත.

මෙලෙස බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටුවල පෙනී සිටින දෙවන රාජකීයයා වන්නේ තුන්වන චාල්ස් රජුවන අතර, ඔහුගේ මවවන දෙවන එලිසබෙත් රැජිනගේ රුව ප්‍රථම වරට 1960 සිට මුදල් නෝට්ටුවල භාවිත විය.

මේ අනුව බ්‍රිතාන්‍ය වැසියන්ට තවමත් නැසීගිය රැජිනගේ ප්‍රතිමූර්තිය රැගත් £5, £10, £20 සහ £50 නෝට්ටු භාවිත කළ හැකිය.

මුල්ම නව මුදල් නෝට්ටු පසුගිය වසරේ මුද්‍රණය කර ඇති අතර, රජුගේ ප්‍රතිමූර්තියට පාදක වී ඇත්තේ 2013 වසරේ ගත් පින්තූරයකි.

මේ අතර, රජතුමාට නව මුදල් නෝට්ටු පළමුව නිකුත් කිරීමේ සම්ප්‍රදාය අනුව, අඩුම අනුක්‍රමික අංක සහිත සම්පූර්ණ කට්ටලයක් තුන්වන චාල්ස් රජුට පිරිනමා තිබේ.

Trending

Exit mobile version