සීත සමයට සමුදෙමින් දකුණු හා නැගෙනහිර චීනයේ ප්‍රදේශ රැසක මේ වන විට චෙරි හා ප්ලම් මල් සමය උදාවී තිබෙනවා.
මේ ෆූජියෑන් (Fu-jian) පළාතේ යොංෆු (Yong-fu) ප්‍රදේශයයි. මෙහි චෙරි විශේෂ 42ක මල් දක්නට ලැබෙනවා.
මේ කාලයේදී මෙම ප්‍රදේශයට චීනයේ විවිධ පැති වලින් සංචාරකයන් ඇදී එන්නේ මෙහි සුන්දරත්වය නිසාමයි.
වසන්ත ඍතුවේදී වැඩි වෙන උෂ්ණත්වය සමග මේ වන විට නිරිත දිග චීනයේ චොංචිං (chong-ching) ප්‍රදේශයේ ද ප්ලම් මල් සමය උදා වී ඇත්තේ මෙලෙසයි.