චීනය විසින් රුපියල් බිලියන 2ක අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් නැවත ශ්‍රී ලාංකික ජනතාව වෙත ප්‍රධානය කර තිබේ.
අදාළ ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගය ඊයේ (06) කොළඹ වරායට ගෙනැවිත්
තිබිණි.
එම අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගය බහාලුම් 24 කින් (පෙට්ටි 16,000) සමන්විත වන අතර එහි සම්පූර්ණ බර මෙට්‍රික් ටොන් 255 ඉක්මවන බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.
මෙම ඖෂධ තොගයත් සමගින් චීනය මේ වසරේ ජුනි මාසයේ සිට ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඖෂධවල වටිනාකම රුපියල් බිලියන 5 ඉක්මවා තිබේ.