පුවත්

චීනයේ විදේශ ඇමති හා මහ බැංකු අධිපති වෙනස් වේ

Published

on

චීනයේ විදේශ ඇමති හා මහ බැංකු අධිපති යන ධූර වලට අලුතින් පත්වීම් සිදුකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ, චීනයේ ඉහලම ව්‍යවස්ථාදායක මණ්ඩලය වන ජාතික මහජන කොංග්‍රසයේ (NPC) ස්ථාවර කමිටුව විසින් අද (25) දින පැවැත්වූ සැසිවාරයකදීය.

ඒ අනුව විදේශ ඇමතිවරයා ලෙස පත්ව සිටි චින් ගාන්ග් (Qin Gang) මහතා වෙනුවට වාන්ග් යී (Wang Yi) මහතාද, මහ බැංකු අධිපතිවරයා ලෙස යී ගාන්ග් (Yi Gang) මහතා වෙනුවට පන් ගොංග්ෂං (Pan Gongsheng) මහතාද පත්කර තිබේ.

මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් ජනාධිපති නියෝගයකට අත්සන් කර ඇත.

තවද, මෙම සැසියේදී අපරාධ නීතියට සංශෝධන කෙටුම්පතක්ද සමාලෝචනයට ලක්වී ඇත.

(මූලාශ්‍රය : ෂින්හුවා)

Trending

Exit mobile version