ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව චීන එක්සිම් බැංකුව හා ශ්‍රී ලංකාව එකඟතාවයකට එළැඹි බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අදාළ එකඟතාවය යටතේ එම බැංකුවට ගෙවීමට ඇති ණය වලින් ඩොලර් බිලියන 4.2ක් පමණ ආවරණය වන බව මුදල් අමාත්‍යංශයේ නිවේදනයක දැක්වේ.
තවද මෙමඟින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන ණය තිරසාරත්වය යළි ඇතිකර ගැනීමටත් ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීමටත් හැකිවන බව මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් පවසා ඇත.