පුවත්

චීනෙට රිලව් දෙන්නේ නොමිලේ; අල්ලන්නේ චීන සමාගමක්

Published

on

රිළවුන් පිටරට යැවීමට කමිටු අනුමැතිය ලැබීමෙන් පසුව, රිළවුන් ඇල්ලීම චීන සමාගමටම පැවරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇතැයි අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

රිළවුන් අල්ලා ගුවන් තොටුපොළ දක්වා ගෙනැවිත් දීමට වැයවන මුදල සඳහා එක් රිළවෙකුට ගාස්තුවක් ගෙවීමට චීන සමාගම එකඟ වූවද, එය සිදු කිරීම අපහසු බැවින් ඔවුන්ටම රිළවුන් අල්ලන ලෙස දැනුම් දුන් බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පැවසු බවද එහි දැක්වේ.

මේ අතර, ඉන්දියාවේ සත්වෝද්‍යානයක් සඳහා ද මෙරටින් රිළවුන් දෙදෙනකු ඉල්ලුම් කර තිබීම විශේෂිතය.

මේ සම්බන්ධව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තවදුරටත් සාකච්ඡා කරන බවද එහි ආරංචි මාර්ගවලින් වාර්තා වන බව එම පුවත්පත කියා සිටී.

රිළවුන් දෙදෙනා වෙනුවට ඉන්දියාවෙන් ලබාදෙන සතුන් පිළිබඳව දැනුම්දීමක් සිදුකර නැතැයිද පැවසේ.

සත්ත්ව හුවමාරු වැඩසටහන් යටතේ ලෝකයේ තවත් සත්වෝද්‍යානයකට ලබාදීමට හැකි වන්නේ සත්වෝද්‍යානයක් තුළ ඉපදෙන සතෙක් පමණක් බවත්, කැලයේ සිටින සතෙකු අල්ලා වෙනත් සත්වෝද්‍යානයකට ලබාදීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට නොහැකි බවද මේ අතර වාර්තා වේ.

මෙරට රිළවුන් මෑත කාලයේදී ලෝකයේ වෙනත් සත්වෝද්‍යානයකට යවා නැතැයිද පැවසේ.

Trending

Exit mobile version