පුවත්

චීන ආධාර වලින් අඩු ආදායම්ලාභීන්ට නිවාස ඒකක 1,996ක්

Published

on

අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996ක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

බස්නාහිර පළාත තුළ අඩු පහසුකම් සහිත ජනාවාසවල පදිංචිකරුවන් පුනස්ථාපනය කර පහසුකම් සහිත නාගරික නිවාස යෝජනා ක්‍රමවල නිවාසයන්හි පදිංචි කරවීමට ගත් තීරණය පරිදි ක්‍රියාත්මක නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය සඳහා සහායක් වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත යුවාන් මිලියන 552ක මූල්‍යාධාර ලබා දීමට චීන රජය විසින් එකඟතාව පළ කර ඇත.

සමස්ත ව්‍යාපෘතිය යටතේ ඉඩම් සංවර්ධනය කිරීම හා වැඩබිම් සීමාව දක්වා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම ශ්‍රී ලංකා රජය විසින් සිදු කරනු ලබයි.

ඒ අනුව, චීන රජය සමඟ අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ගිවිසුමට අත්සන් තැබීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Trending

Exit mobile version