දිවයිනට පැමිණ සිටින චීන ජනපති විශේෂ නියෝජිත ශෙන් යික්න් මහත්මිය ඇතුළු පිරිස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (20) පැවැත්වේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ද ඔවුන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.
එහිදී ආර්ථික, දේශපාලනික ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
එමෙන්ම අද පස්වරුවේ මේ නියෝජිත පිරිස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවීමට ද සැලසුම් කර ඇත.
චීන ජනපති විශේෂ නියෝජිත ශෙන් යික්න් මහත්මිය ඇතුළු පිරිස පෙරේදා දිවයිනට පැමිණියා ය.