පුවත්

චීන නව වසරට පෙර තවත් අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් තොගයක් රෝහල්වලට

Published

on

මේ සතියේ සැමරුනු චීන නව වසරට ප්‍රථම Recombinant Human Erythropoietin Injections (Epiao) සිරින්ජ මිලියන 1.55ක් ශ්‍රී ලංකාවේ රෝහල් වෙත භාරදී ඇති බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

මෙම තොගය, පසුගිය ජුනි මාසයේ සිට ශ්‍රී ලංකාවට ලබාදුන් රු. බිලියන 06ක් වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් වල අවසන් තොගයට අයත් වේ.

චීනයේ ඩාලියැන් වරායේ සිට කොළඹ ගෙන ආ මෙම ඖෂධ තොගයේ දළ බර ටොන් 61.32ක් වන අතර, ඒවා උෂ්ණත්වය පාලනය කළ හැකි කන්ටේනර් බහාලුම් 9කින් මෙරටට ප්‍රවාහනය කර ඇත.

Trending

Exit mobile version