වරාය හා නාවික රාජ්‍ය අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ලේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් රතු නිවේදන සහිතව ලක්ෂ අසූවක බිලක් ලැබී ඇති බව වරාය හා නාවික රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා (චොකා මල්ලි) පවසයි.
මේ අනුව කොළඹ කොටුව, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ විසිපස් වැනි මහලේ ස්ථාපිත කර ඇති එම අමාත්‍යාංශ පරිශ්‍රයේ විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව දැනුම් දී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් තමන් වරාය හා නාවික ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කලද මෙතෙක් එම ගෙවීම් සිදු කර නොමැති බවද ඔහු පවසයි.
තමන් පසුගිය සැප්තැම්බර් මාසයේදී රාජ්‍ය ඇමැති ධුරයට පත්වීමෙන් පසු මෙම ස්ථානයට පැමිණි බවත් තමා කොළඹ වරාය ආසන්නයේ ඇති ස්ථානයක අමාත්‍යාංශය පවත්වා ගෙන යන්නැයි පැවසුවත් ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බවත් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටී.
තමා එසේ පැවසුවේ රාජ්‍ය වියදම් අඩු කිරීමේ අරමුණින් බවද හෙතෙම වැඩිදුරටත් පවසයි.