ගල්ගමුව – ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කත්නෝරුව ප්‍රදේශයේ ඊයේ (31) සවස වන අලින්ගේ ඡායාරූපගත කිරීමට ගිය පුද්ගලයන් තිදෙනෙකුට ඇතෙකු විසින් පහරදී තිබේ.
තුවාලකරුවන් මීගලෑව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරුකර ඒවා තිබෙන බව සඳහන් වේ .
මෙසේ තුවාල ලැබුවේ තිරප්පන ප්‍රදේශයේ පදිංචි තරුණියක සහ තරුණයෙකු හා කත්නෝරුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි .
ඇතාගේ පහරදීමෙන් තරුණියගේ එක් පාදයකට බරපතල තුවාල සිදුව තිබෙන අබව්යි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
කාවන්තිස්ස , රට්ටා ඇතුළු දළ ඇතුන් කිහිප දෙනෙකුගෙන් යුතු අලි රංචු මීගලෑව රක්ෂිතයේ සැරිසරමින් සිටින අතර වනජීවී දෙපාර්තමේන්තුවේ උපදෙස් නොපිළිපැද අලින්ගේ හැසිරීම නොදන්නා ඡායාරූප ශිල්පීන් හා Youtube හසුරුවන්නන් රක්ෂිත ප්‍රදේශවලට ඇතුළුවී ඡායාරූප ගැනීම මගින් වන සතුන්ගේ හැසිරීම් වලට බාධා ඇතිවන බවත් මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී එවැනි පුද්ගලයන් දැනුවත් කර ඇති බවත් වනජීවි දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාපභාර පශු වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ මහතා පවසයි .