ජනාධිපතිවරණයට අදාළව ආරක්ෂක කටයුතු සංවිධානය කරමින් පවතින බව පොලීසිය පවසයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, ආරක්ෂක කටයුතු සඳහා නිලධාරින් යෙදවීම මේ වනවිට සකස් කරමින් පවතින බවයි.
දිවයින පුරා පොලිස් කොට්ඨාස මට්ටමින් ජනාධිපතිවරණයට අදාලව මෙහෙයුම් මැදිරි ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කළේ, ඊට අමතරව දිවයිනේ සෑම පොලිස් ස්ථානයකම මේ වනවිට මැතිවරණ අංශයක් ස්ථාපිත කර ඇති බවයි.