පුවත්

ජනපති එන වසරේ එන ඡන්දය ගැන ඉඟි කරයි; නිමල් එන සතියේ ඡන්දයට දින කියයි

Published

on

ආර්ථිකය යළි ප්‍රකෘත්මත්වීමත් සමග ලබන වසරේ දී තම ඡන්දය භාවිත කර, රටේ සිදුකළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කරගැනීමට අවැසි පසුබිම ජනතාවට සකස් වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (18) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවති රොටරි සමාජයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඇතුළත්වන දිස්ත්‍රික් අංක 3220 විසින් සංවිධානය කරන ලද 32 වන රොටරි දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

මේ වසර අවසන් වීමට පෙර රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමටත්, ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත්, ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ස්ථාපිත කිරීමටත් ඔහු එහිදී ප්‍රතිඥා දුන්නේය.පළාත් පාලන මැතිවරණ දිනය ලබන සතියේ ප්‍රකාශ කරයි

මේ අතර, මුදල් ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණහොත් ලබන සතිය වන විට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා නව දිනයක් නැවත සලකා බැලීමට මැතිවරණ කොමිසමට බල කෙරෙනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ද සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

ප්‍රමුඛත්වය දී ඇති ක්ෂේත්‍ර පහක් සඳහා හැර භාණ්ඩාගාර අතිරික්ත අරමුදල් කිසිවක් භාවිත නොකිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද යෝජනාවක් මේ සතියේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද පසුබිමකට එරෙහිව ඔහු මෙම අදහස් පළ කළේය.

Trending

Exit mobile version