පුවත්
ජනපති බර්ලින් ග්ලෝබල්” සමුළුව අමතයි
Published
2 years agoon
By
editor
2024 ගෝලීය අභියෝගයන්ට මුහුණදිය හැකි ශක්තිමත් ජාත්‍යන්තර සැලැස්මක් වෙනුවෙන් බටහිර රටවල් හා චීනය අතර මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතරත්, යුරෝපා සංගමය සහ චීනය අතරත් නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
එසේම, “එක් තීරයක් – එක් මාවතක්” වැඩසටහන සමඟ ශ්‍රී ලංකාව වැනි රටවල් දෙස අනෙකුත් රටවල් සැකයෙන් බැලීමට පටන් ගෙන තිබෙන බවත් මෙයින් ගෝලීය දකුණේ ආර්ථික අපේක්ෂාවන්ට බලපෑමක් එල්ල කෙරෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වැනි රටවල්, ඇමරිකාව, ඉන්දියාව සහ චීනය වැනි රටවල් සමඟ කටයුතු කිරීමට පුරුදු වී සිටින බවත් එය තවදුරටත් අලුත් දෙයක් නොවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වෙන “බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය අද (28) සිදු කරමිනි.
එම දේශනයෙන් අනතුරුව පැවති ප්‍රධාන සංවාදයට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව සහ බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය කෘතවේදීව සිහිපත් කරන බවයි.
වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය මුලපිරීමක් වන “බර්ලින් ග්ලෝබල්” සමුළුව අද ආරම්භ කෙරුණු අතර ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz), බෙල්ජියානු අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩී ක්‍රෘ (Alexander de Croo), කසකස්ථාන් ජනාධිපති කැසෙම්-ජෝමාර්ට් ටෝකයෙව් (Kassym-Jomart Tokayev), යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල් (Charles Michel) යන මහත්වරුන් ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයින්, විදේශ අමාත්‍යවරුන් සහ ලොව පුරා සිටින ආර්ථික ප්‍රතිපත්ති හා මූල්‍යකරණය පිළිබඳ විශේෂඥයින් සහභාගී වී සිටියහ. එමෙන්ම මෙම සංචාදය සඳහා ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගම් රැසක විධායක නිලධාරීන් ද එක්ව සිටියහ.
සමුළුව අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය :
පළමුවෙන්ම මේ සඳහා සම්බන්ධවීමට මට අරාධනා කළ බර්ලින් ගෝලීය සංවාදයේ සභාපති මහාචාර්ය රෝව්ලෙට් මහතාට මම ස්තූතිවන්ත වෙනවා. මම දකින විදිහට පසුගිය දශක දෙක පුරාවටම ගෝලීය ආර්ථිකය බොහෝ අභියෝග වලට ලක්වී තිබෙනවා.
2008 දී යුරෝපීය ණය අර්බුදයට මුහුණ දීමට සිදුවුණා. ඉන් පසුව අපිට COVID-19 වසංගතය සහ එයින් ඇති වූ ආර්ථික අභියෝග, දේශගුණික විපර්යාස සඳහා අරමුදල් සොයා ගැනීමේ ගැටලුව සහ ස්වෛරී ණය අර්බුදය වැනි ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබෙනවා.
නූතන ඉතිහාසයේ වෙනත් කිසිදු යුගයක මෙවැනි අර්බුදයකට අපට මුහුණ දීමට සිදුවී නැහැ. මෙම සෑම අවස්ථාවකදීම, දරුණු ලෙස පීඩාවට පත්ව ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සහ ගෝලීය දකුණේ රටවලුයි.
දියුණු ආර්ථිකයන් තුළ දැඩි ලෙස උද්ධමනය ඉහළ යාම, තෙල් මිල බැරලයක මිල ඩොලර් 100 දක්වා ඉහළ යාම සහ ගෝලීය මහ බැංකු විසින් සිදු කෙරෙන මුල්‍යමය සිර කිරීමකට අප දැන් මුහුණ දී සිටිනවා.
ශ්‍රී ලංකාව යුරෝපයට සිදු කරන අපනයන, මේ වසරේ මේ දක්වා කිසිදු වැඩිවීමක් සිදුවී නොතිබීම එක් උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකියි.
සංවර්ධනය වෙමින් පවතින බොහේ රටවල් බරපතල අර්බුදයකට මුහුණ දී තිබෙන බව මේ අනුව පෙනී යනවා. ගෝලීය දකුණේ රටවල් ලෙස අප, ඉහළ යන ආනයන වියදම්, ආහාර, බලශක්ති, අනාරක්ෂිතභාවය සහ අපනයන යන ක්ෂේත්‍ර වල ගැටලුවලට මුහුණ දෙමින් සිටිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ගෙවුම් ශේෂ නිසා මුහුණදීමට සිදුවන ආතතිය, අප සියලු රටවල් දුර්වල ආර්ථිකයන් බවට පරිවර්තනය කරනවා.
දියුණු ආර්ථිකයන් පවතින රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වෙනස වන්නේ, මෙවැනි ආර්ථික අභියෝග සමඟ කටයුතු කිරීමට දියුණු රටවල් සියලු ආකාරයේ ස්වආරක්ෂක විධි සහ මූල්‍ය සංචිත පවත්වාගෙන යාමයි. නමුත් අපට එවැනි සංචිත නැහැ. ස්වෛරීත්ව ණය අර්බුදය ආරම්භ වූයේ මෙතැන් සිටයි. මේ තත්ත්වය හමුවේ, වහාම ආර්ථිකය නිවැරදි මාවතකට යොමු කිරීමට අවශ්‍ය පියවර නොගතහොත් ලෝකය තවත් අර්බුදයක පැටලිය හැකියි.
සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් අද විශාල ණය බරකින් පෙළෙනවා.උදාහරණයක් ලෙස, මෙම නව තත්ත්වයට මුහුණ දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුව ද යාන්ත්‍රණයක් නැහැ. ශ්‍රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කළ අවස්ථාවේදී අපට ලැබෙන විදේශ අරමුදල් සියල්ල නතර වුණා. එය රටතුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය කළා.
ශ්‍රී ලංකාවට මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ලෝක බැංකුව සිදු කළ උපකාර සහ මගේ පැරණි මිතුරිය සමන්තා පවර් මහත්මිය අපට පොහොර ලබාගැනීම සඳහා කළ උපකාරය නොවන්නට මට අද මෙහි පැමිණීමට හැකිවන්නේ නැහැ. මොකද එම උපකාරය නොලැබුණා නම් අද මම මෙම තනතුරේ නොසිටින්නට ඉඩ තිබුණා.
මෙය ඉතා අයහපත් තත්ත්වයක් බව කිව යුතුයි. බංකොලොත්භාවය ප්‍රකාශ කරන ඕනෑම රටකට උපකාර කළ හැකි විධිමත් ක්‍රමවේදයක් නැහැ. නමුත් මෙම අවස්ථාවේ දී, විශේෂයෙන්, හරිත දේශගුණික අරමුදලේ විශාලතම දායකත්වය දරන රට ලෙස ජර්මනිය සිය කාර්යභාරය ඉටු කිරීම පිළිබඳ මම සතුටු වෙනවා.
දේශගුණික විපර්යාස අවම කර ගැනීම සහ ණය ප්‍රශස්තරකරණය යන කරුණු දෙකම අපට මුහුණ දීමට තිබෙන අභියෝග වන අතර, ඒ සඳහා අප සතුව පවතින අරමුදල් අවම ලෙස භාවිතා කිරීමට සිදුව තිබෙනවා. අප සතුව ඇති අරමුදල්, අපට මෙම අභියෝගවලට මුහුණදීම සඳහා ප්‍රමාණවත් නොවීම කණගාටුවට කරුණක් බව කිවයුතුයි.
නමුත් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) බිලියන 100ක් තිබෙනවා. කිසි දෙයක් නැහැ කියනවට වඩා එම බිලියන 100 න් අපේ වැඩකටයුතු ආරම්භ කළ යුතුයි. ඒ වගේම ඉතිරි කොටස ලබා ගැනීම පිළිබඳව ද අප කටයුතු කළයුතුයි.
මොකද ශ්‍රී ලංකාව පිළිබඳ කතා කරන විට අප්‍රිකානු මහද්වීපයේ අඩු ආදායම්ලාභී රටවල අවශ්‍යතා අපට වඩා බෙහෙවින් වැඩි බව පැවසිය යුතුයි. මෙම ස්ථානයේ ප්‍රමාණවත් නියෝජනයක් සිදු වන නිසා අප්‍රිකානු මහද්වීපය මුහුණ දෙන ගැටලු මා විස්තර කළ යුතු නැහැ කියා මම හිතනවා.
සංවර්ධනය වෙමින් පවතින රටවලට එම රටවල් විසින් ජාතික වශයෙන් ඉලක්කගත කර ඇති දායකත්වයන් සපුරාලීම සඳහා ඩොලර් ට්‍රිලියන 5.9 දක්වා මුදල් අවශ්‍ය වෙනවා. ඒ වගේම ශුද්ධ ශුන්‍ය විමෝචනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා හරිත බලශක්ති තාක්ෂණය වෙනුවෙන් තවත් ඩොලර් ට්‍රිලියන 4ක් අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම සාර්ථක කර ගැනීම සඳහා අපට පවතින මූල්‍ය අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කළයුතුයි.
2030 වන විට ඒ සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 26.5ක් අවශ්‍යයි. අපි බංකොලොත් රටක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන ආකාරයට අපි වාසනාවන්ත නම්, ඉදිරි වසර කිහිපය තුළ අපට 3.5% ක ආර්ථික වර්ධන වේගයක් ලැබෙනු ඇතැයි මම කියා විශ්වාස කරනවා.
ඒ වගේම මෙම අභියෝග ජය ගැනීමේ දී ගෝලීය වශයෙන් දැනට පවතින සම්බන්ධීකරණය සහ නායකත්වය මෙම ගැටලුව කඩිනමින් විසඳීම සඳහා ප්‍රමාණවත් නැහැ. අපට මෙහිදි අලුත් සැලැස්මක් අවශ්‍ය වෙනවා.
අද අප සාකච්ඡා කළ බොහෝ අභියෝග එකිනෙකට සම්බන්ධ බව ප්‍රකාශ කෙරුණා. ඒ වගේම අප ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කළා. අද පවතින ජාත්‍යන්තර මූල්‍ය සැලැස්ම වසර 80 කට පමණ පෙර නිර්මාණය කර ඇති බව අපි සියලු දෙනාම පිළිගෙන තිබෙනවා.
ආසියාව, මැදපෙරදිග, දකුණු ඇමරිකාව සහ අප්‍රිකාවේ බොහෝ නැඟී එන ආර්ථිකයන් සහිත රටවල් ගෝලීය ආර්ථික බලවතුන් බවට පත්වීමත් සමඟ ලෝකයේ විවිධ වෙනස්වීම් අප දැක තිබෙනවා. කෙසේ වෙතත්, ජාත්‍යන්තර සැලැස්ම සාපේක්ෂව සුළු ප්‍රතිසංස්කරණවලට ලක්ව තිබෙනවා.පවතින ජාත්‍යන්තර මූල්‍ය සැලැස්ම ණය ප්‍රශස්තකරණය ඉතා සංකීර්ණ කරනවා. මේ සඳහා අප සියලු දෙනා එකඟ වී තිබෙනවා. අද සාකච්ඡා කෙරෙන අභියෝගවලට මුහුණදීම සඳහා අප අධිෂ්ඨානශීලිව ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වෙනවා.
දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය මූල්‍යකරණය ශක්තිමත් කර ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට හැකියාවක් නැහැ. බහුපාර්ශ්වික සංවර්ධන බැංකු හරහා ලබා ගත හැකි සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමේ ශීඝ්‍ර වැඩිවීමක අවශ්‍යතාව මේ වන විට මතුව තිබෙනවා.
බහුපාර්ශ්වික සංවර්ධන බැංකු සතුව සැලකිය යුතු වත්කම් ප්‍රමාණයක් පවතිනවා. එය අපට අවදානම් අවම කිරීමේ ක්‍රියාමාර්ගවල යෙදවිය හැකියි. බදු ක්‍රමයන් තවමත් මෙම ගැටලුවෙන් බැහැරවයි පවතින්නේ. ආර්ථික අවධානම්වලට මුහුණ දෙන මධ්‍ය ආදායම් ලබන රටවල් ද ඇතුළුව, තවත් රටවල් සමඟ අප සහනදායී මූල්‍යකරණයකට ප්‍රවේශ විය යුතුයි.
2022 ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයේ බරපතලකම සමඟ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ඇතිව රට තුළ ශක්තිමත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් තිබුණද, එහි තත්ත්වය හෝ ණය පීඩාව හේතුවෙන් රටට කිසිදු විදේශ සහනදායී මූල්‍යකරණයකට ප්‍රවේශ වීමට හැකියාව ලැබී නැහැ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ජා මෙම තත්ත්වයන්ට ගැළපෙන සාකච්ඡා නොවන බව මම ඔබට පැවසිය යුතුයි.එය තවමත් පෙර පැවති පැරණි සාකච්ඡා ක්‍රමයමයි. එසේනම් අපට අවශ්‍ය වන්නේ කුමක්ද? බ්‍රිජ්ටවුන් මුලපිරීමේ සිට එය සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව අපට යෝජනා රාශියක් තිබෙනවා. පැරිස් දේශගුණ සමුළුවේ මාර්ග සිතියම සකස් කරමින් සිටිනවා.
මම දැන් එයට වැඩි යමක් එකතු කරන්නේ නෑ. මම කියන්නේ තෝරා ගැනීමක් සිදු කරන ලෙස පමණයි. ඒ අනුව අපි ක්‍රියා කරමු. එහෙත් පවතින තත්ත්වය උග්‍ර වී ඇත්තේ ණය ඉල්ලීම, තීරණාත්මක අවශ්‍යතාවයක් පැවතීම සහ වෙළඳාම, ආයෝජනය, ප්‍රාග්ධනය, තාක්‍ෂණය වැනි ක්ෂේත්‍ර සඳහා විවෘත ප්‍රවේශයක් පැවතීම ඇතුළු පවතින ආර්ථික අභියෝගවලින් ගොඩ ඒමේදී සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන අභියෝග නිසයි.
එහෙත් අවාසනාවකට මෙන්, මහා බල එදිරිවාදිකම් සහ භූ දේශපාලනික තත්ත්වයන් එවැනි වෙළඳපොල සාර්ථකත්වයක් සඳහා තර්ජනයක් වෙමින් තිබෙනවා. බෲකින්ස් ආයතනයේ ජේක් සුලිවන්ගේ දේශනයේදී වොෂින්ටන් සම්මුතිය ප්‍රතික්ෂේප වුණා. අවදානම ඉවත් කිරීම සහ විසංයෝජනය කිරීමේ නව සංකල්පය සමඟ, වොෂින්ටන් සම්මුතිය අනුගමනය කිරීමට බල කෙරුණු සංවර්ධනය වෙමින් පවතින දකුණේ රටවලට, දැන් අප සමඟ සාකච්ඡා නොකරම අංශක 180 ක් හැරී ආපසු ගමන් කරන ලෙස ඉල්ලා සිටිනවා. බෲකින්ස් කතාවේ සිට, එය කුමක් වුවත්, පවතින ක්‍රමවේදය වෙනස් කරන ලෙස අපෙන් ඉල්ලා තිබෙනවා. අපට එයට ඇතුල් වෙන ලෙස ඔවුන් බල කළා. දැන් ඔවුන් අපිට කියනවා මෙය තවදුරටත් අපට අදාළ නැහැ කියලා.
ඒ වගේම, “එක් තීරයක් – එක් මාවතක්” වැඩසටහන ඒකාබද්ධ වැඩසටහනක් ලෙස , ශ්‍රී ලංකාව වැනි රටවල් දෙස අවධානය යොමු කර තිබෙනවා. මේ නිසා අනෙකුත් රටවල් අප දෙස සැකයෙන් බැලීමට පටන් ගෙන තිබෙනවා. මෙය ගෝලීය දකුණේ ආර්ථික අපේක්ෂාවන්ට පීඩාවක් වනු ඇති අතර, මේ හරහා ගෝලීය වශයෙන් සිදුවී තිබෙන ධ්‍රැවීකරණය වඩාත් පැහැදිළිව දර්ශනය වෙනවා. ශ්‍රී ලංකාව වැනි රටවල්, ඇමරිකාව, ඉන්දියාව සහ චීනය වැනි රටවල් සමඟ කටයුතු කිරීමට පුරුදු වී සිටිනවා. එය අපට තවදුරටත් අලුත් දෙයක් නොවෙයි.
ඇමරිකා එක්සත් ජනපදය 2024 දී පැවැත්වෙන ඔවුන්ගේ මැතිවරණය සඳහා දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඒ නිසා මෙම අවස්ථාවේ මෙහි නායකත්වය ගැනීමට ඔවුන්ට හැකියාවක් නැහැ.එම තත්ත්වය මේ වන විට රික්තයක් නිර්මාණය කරමින් සිටිනවා, මන්ද එක්සත් ජනපදයට නව පාලනයක් අවශ්‍ය නම්, එක්සත් ජනපදය ඒ සඳහා නායකත්වය දිය යුතුයි. නමුත් අපි දන්නවා මෙතැන් සිට ලබන වසර අවසානය දක්වා, ඔවුන් 2024 මැතිවරණයට වැඩි වශයෙන් අවධානය යොමු කිරීමට පටන් ගන්නා නිසා එම නායකත්වය ගැනීමට ඇති අවධානය ක්‍රමයෙන් අඩු වෙනවා.
ඒ වගේම, අනෙක් අතට බ්‍රික්ස් රටවල් අද වන විට G7 සහ කොඩ් සාමාජික රටවල් වෙත අභියෝගයක් වී තිබෙනවා.
ගෝලීය දකුණේ රටවල් දැන් විකල්ප නායකත්වයක් සොයමින් සිටිනවා. ඒ වගේම G20 කණ්ඩායම පසුබැස ඇති බව දැන් පෙනෙන්නට තිබෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ අපි 2024දී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කළයුතුයි.
කවුද මේ කාර්යයභාරය ඉටු කරන්නේ? ඒ නිසා මම හිතන්නේ යුරෝපා සංගමයට අනෙක් රටවල් සමඟ වැඩ කිරීමට අවස්ථාවක් මේ තුළ පවතින බවයි.ඒ සඳහා වෙන කිසිවෙක් නැහැ.
ඒ නිසා G20 සහ බ්‍රික්ස් රටවල් (BRICS) , ඇමරිකා එක්සත් ජනපදය සහ ඒවා නියෝජනය නොකරන වෙනත් තෝරාගත් ආසියානු සහ අප්‍රිකානු රටවල්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ නව සංවර්ධන බැංකුව (NDB) ඇතුළු මූල්‍ය ආයතන මෙන්ම පුද්ගලික ආයතන සියල්ල එකම වේදිකාවකට ගැනීමෙන් හදිසි අවශ්‍යතා සඳහා විසඳුම් සෙවිය හැකි බව මම යුරෝපා සංගමයට යෝජනා කරනවා.
2024 අප ක්‍රියාත්මක විය යුතු වසරයි. අද පවතින ගෝලීය යථාර්ථයන් වඩාත් හොඳින් පිළිබිඹු කරන සහ අවශ්‍ය අයට ඵලදායී නියෝජනයක් සපයන නව ජාත්‍යන්තර සැලැස්මක් අප ඉදිරිපත් කළ යුතුයි. ඒ සඳහා ඔබට ඉදිරිපත් විය හැකියි. අපට සම්පත් තිබෙනනවා, විසඳුම් තිබෙනවා, එය ක්‍රියාත්ම කිරීමට අවශ්‍ය වන්නේ අධිෂ්ඨානය පමණයි.
අප එය කඩිනමින් කළ යුතු වෙනවා. මේ සඳහා අපට බටහිර හා චීනය අතර නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍යයි. ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍යයි. ඒ වගේම යුරෝපා සංගමය සහ චීනය අතර නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍යයි. එසේ සිදු නොවුණහොත් අපට ඉදිරියට යා නොහැකියි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන්ද මීට එක්ව සිටියහ.
(ජනාධිපති මාධ්‍ය අංශය)

You may like
පුවත්
මුහුදු පත්ල පිරිසිදු කිරීම ත්‍රිකුණාමලයෙන් ඇරඹේ
Published
6 hours agoon
June 2, 2025By
editor
ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (02) පෙරවරුවේ ක්‍රියාත්මක කෙරිණි. සාගර ජීවීන් හට හිතකාමී පරිසරයක් සැකසීම මෙහි අපේක්ෂාවයි.
කොරල්පර පරිසර පද්ධති වලට දැඩි තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී ක්‍රවුන්-ඔෆ්-තෝර්න්ස් නමින් හඳුන්වන ස්ටාර් ෆිෂ් ඉවත් කිරීම, සාගර ජීවීන්ට අනතුරක් කරන සහ ජෛව විවිධත්වය යථා තත්ත්වයට පත් කිරීමට බාධා කරන මාළු දැල් සහ අනෙකුත් හානිකර සාමුද්‍රික සුන්බුන් ඉවත් කිරීම මෙහි මූලික අරමුණු වී ඇත.
ජගත් පරිසර දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සම්බන්ධීකරණය කළේය.
පරෙවි දූපත සමුද්‍ර ජාතික වනෝද්‍යානය, ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් නිලාවේලි වෙරළේ සිට කිලෝමීටර 1ක් පමණ දුරින් පිහිටා ඇති “විශාල” සහ “කුඩා” පරෙවි දූපත” යන දූපත් දෙකකින් සමන්විත වේ.
සමුද්‍ර උද්‍යානය ආසන්න වශයෙන් හෙක්ටෙයාර 471ක් පුරා පැතිරී ඇති නමුත් ගොඩබිම හෙක්ටෙයාර 9ක් පමණ වේ. විශාල දූපතේ කොරල්පරයක් දළ වශයෙන් මීටර් 200ත් 100ත් අතර උසකින් සහ මුහුදු මට්ටමේ සිට මීටර් 44.8ක් දක්වා උසකින් යුක්ත වේ. මෙම දූපත ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයෙන් යුත් සහ පාරිසරික වශයෙන් සංවේදී සමුද්‍ර උද්‍යානවලින් එකක් වන බැවින්, එය පිරිසිදු කිරීම කාලෝචිත මෙන්ම සුවිශේෂී වැදගත්කමක් සහිත කාර්යයක් වේ.
මෙම පරිසර පද්ධතියට ඇති ප්‍රධාන අභියෝග ලෙස නීතිවිරෝධී පිළිවෙත් මඟින් මසුන් ඇල්ලීම, හානිදායක ලෙස කොරල් අස්වැන්න නෙළීමේ ශිල්පීය ක්‍රම, සංචාරක ව්‍යාපාරය නිසා ඇති වන කොරල් පරිහානිය ආදිය හදුනා ගත හැකිය. එසේම, දේශගුණික විපර්යාස හා මුහුදු උෂ්ණත්වය ඉහළ යාම මතද පරෙවි දූපත අවට කොරල්පරවලට හානි සිදු වේ.
ඒ අනුව, පරෙවි දූපත සංරක්ෂණය කිරීමේ මුලපිරීමක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) සහ ශ්‍රී ලංකා කිමිදුම්කරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා පොලීසිය, වනජීවී දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නිලාවේලි බෝට්ටු සංගමය සහ සර්වෝදය යන ආයතනවලද ක්‍රියාකාරී සහයෝගය මේ සඳහා ලැබිණි.
මෙම පිරිසිදු කිරීමේ කාර්යය, පාරිසරික සහ ආරක්ෂක ප්‍රමිති අනුගමනය කරමින්, පුහුණුව ලත් කිමිදුම්කරුවන්, සමුද්‍ර ජීව විද්‍යාඥයින් සහ අනෙකුත් සංවිධානවල ස්වේච්ඡා සේවකයින්ගේ එකමුතුවෙන් සිදු කෙරිණි.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් ඩබ්. ජී. එම්. හේමන්ත කුමාර යන මහත්වරු සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු, ප්‍රදේශවාසීහු සහ විදේශ සංචාරකයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ලංකාදීප)
පුවත්
Starlink සේවා මෙරට ඇරඹීමට සියලු වැඩ සම්පූර්ණයි – එරංග
Published
6 hours agoon
June 2, 2025By
editor
ශ්‍රී ලංකාවේ Starlink සේවාවන් ආරම්භ කිරීම සඳහා වන වැඩපිළිවෙළ සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාවලීන් මේ වන විට සම්පූර්ණ කර ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ස්ටාර්ලින්ක් වෙතින් ලබා දීමට නියමිත තොරතුරු පුවරුව (Dashboard)ලැබුණු පසු මෙහෙයුම් ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමට හැකිවනු ඇති බවය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිංගප්පූරුවේ පැවැති 2025 ආසියානු තාක්ෂණ සමුළුවට සමගාමීව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබූ ද්විපාර්ශ්වික හමුවකට එක් වෙමිනි.
මෙම හමුව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සන්නිවේදන සහ තොරතුරු ප්‍රතිපත්ති සම්බන්ධීකාරක තානාපති ස්ටෙෆාන් ලැන්ග් යන මහත්වරු එක් වූහ.
මෙහිදී තවත් උපායමාර්ගික ක්ෂේත්‍ර කිහිපයක් සාකච්ඡා කර ඇති අතර ඒ අනුව ගූගල් සහ මෙටා වැනි ප්‍රමුඛ ගෝලීය තාක්ෂණික සමාගම් සමග ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්ථනය සඳහා අඛණ්ඩ සහාය ලබා ගැනීම, රට තුළ දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම, AI මත පදනම් වූ දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය ඇතුළුව විවිධ අංශ හරහා කෘතිම බුද්ධිය (AI) ඒකාබද්ධ කිරීම, සයිබර් ආරක්ෂණ පනතේ දියුණුව සහ සයිබර් ආරක්ෂණ ඒජන්සිය ශක්තිමත් කිරීම, පවතින මාර්ගගත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම, දත්ත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම සම්බන්ධවද අවධානය යොමුව ඇත.
එහිදී මෙම අවස්ථාවට එක් වෙමින් ස්ටෙෆාන් ලැන්ග් මහතා පවසා ඇත්තේ මෙම පරිවර්තනීය ඩිජිටල් ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදි ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය ලබා දෙන බවය.
(අරුණ)
පුවත්
හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියට තවත් 2ක් අත්ඩංගුවට
Published
6 hours agoon
June 2, 2025By
editor
තුසිත හල්ලොලුව මහතාගේ ජීප් රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 27 හැවිරිදි සහ 37 හැවිරිදි පුද්ගලයින් බව පොලිසිය පවසයි.
ඔවුන් කඩවත සහ ගණේමුල්ල යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සන්තකයේ තිබී T-56 වර්ගයේ ජීව පතොරොම් 13ක් පුරවන ලද පතොරොම් ගැබක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.
සැකකරුවන් හෙට (03) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මුහුදු පත්ල පිරිසිදු කිරීම ත්‍රිකුණාමලයෙන් ඇරඹේ

Starlink සේවා මෙරට ඇරඹීමට සියලු වැඩ සම්පූර්ණයි – එරංග

හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියට තවත් 2ක් අත්ඩංගුවට
Trending
-
පුවත්2 days ago
කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්
-
පුවත්1 week ago
2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ
-
පුවත්1 week ago
දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update)
-
පුවත්5 days ago
“පත්තර මල්ලී” හෙටින් ඉවරයි
-
පුවත්6 days ago
NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි