පුවත්

ජනපති රටගිය වාර ගණනට ගිය වියදම හෙළි කිරීමට යයි

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව සහභාගි වූ විදේශ සංචාර සඳහා රජය දැරූ වියදම් සම්බන්ධ ප්‍රශ්නයක් අනිද්දා (24) පැවැත්වෙන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා වශයෙන් මෙතෙක් සහභාගි වී ඇති විදේශ සංචාර, එක් එක් සංචාරයේ දී හමු වූ විදේශීය නායකයන් වෙන් වෙන් වශයෙන් කවරේ ද යන්නත් මෙමගින් ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.

එම රාජ්‍ය නායකයන් සමග රාජ්‍ය තාන්ත්‍රිකව ඇති කර ගත් ගිවිසුම් හා එම ගිවිසුම්වලට එළඹි කාරණය ද විමසා ඇතැයි පැවසේ.

තවද එම එක් එක් විදේශීය සංචාරයේ දී ජනාධිපතිවරයා සමග සහභාගි වූ නියෝජිත පිරිස වෙන් වෙන් වශයෙන් මෙන් ම ඒ සඳහා වැය කළ මුදල වෙන් වෙන් වශයෙන් ද ලබා දෙන ලෙසත් ඉල්ලා තිබීම විශේෂිතය.

අගමැති දිනේෂ් ගුණවර්ධනට මෙම ප්‍රශ්නය යොමු කර ඇත්තේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි ජයන්ත සමරවීර මහතාය.

සබැඳි පුවත්
ජනපති පාන්දරම ඕස්ට්‍රේලියාවට ගිහින්;  19 වැනි සංචාරය
ජනපති රට ගියේ 18 වැනි වතාවට!

Trending

Exit mobile version