ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් 03 දෙනෙකු පත් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් ලෙස පත් කිරීමට යෝජනා කළ මෙම සිවිල් නියෝජිතයින් තිදෙනාට පසුගියදා පාර්ලිමේන්තුවේ අනුමැතියද හිමිවිය.
ඒ අනුව, ආචාර්ය ප්‍රතාප් රාමනූජම් මහතා, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර මහත්මිය හා ආචාර්ය වැලිගම විදාන ආරච්චිගේ දිනේෂා සමරරත්න මහත්මිය වසර 03 ක කාලයක් සඳහා ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් ලෙස කටයුතු කරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.