ජනපති, සනත් නිශාන්තගේ නිවසට යයි ; අවසන් කටයුතු ඉරිදා
රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ නිවසට අද (25) දහවල් පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ මහතාගේ පවුලේ ඥාතීන් හමු විය.
රාජ්‍ය අමාත්‍යවරයාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් ජනපතිවරයා මෙහිදී පවුලේ ඥාතීන් වෙත තම ශෝකය පළ කළේය.
සනත් නිශාන්ත මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වනවිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර, දේහය හෙට (26) පෙරවරු 10.30 ට පුත්තලමේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන යාමට නියමිතය.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ අවසන් කටයුතු ඉරිදා දින (28) ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා ඇත.
සබැඳි පුවත් :
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරකින් මරු දකියි!