ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතාගේ නිල ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සංසදයේ ඉහළ පෙළේ රැස්වීමට සහභාගී වීමට නියමිත වේ.
එහිදී ජනාධිපතිවරයා “සාමූහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ මැයි 20 වන දින පැවැත්වෙන ඉහළ පෙළේ රැස්වීමේදී ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත අතර ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ඇතුළු නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.