සමාජ මාධ්‍ය මගින් අපහාස කළැයි රුපියල් මිලියන පන්සියක් බැගින් වන්දි ඉල්ලා ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් යූ ටියුබ් නාළිකා හිමිකරුවකු සහ වෙබ් අඩවි ප්‍රධානියකු ඇතුළු පුද්ගලයන් තිදෙනකුට එරෙහිව නඩු පවරා ඇත.
ඒ අනුව, අසේල ධර්මසිරි නමැත්තකු යූ ටියුබ් නාළිකාවක් මගින් හා මුහුණු පොතේ ගිණුම් ගණනාවක් මගින් තමා ඉලක්ක කරගෙන විවිධ අපහාසාත්මක කරුණු ප්‍රචාරය කිරීම හේතුවෙන් තමාගේ කීර්තිනාමයට හානි කළ බව සඳහන් කරමින් අසේල ධර්මසිරිගෙන් රුපියල් මිලියන පන්සීයක් ඉල්ලා නඩු පවරා තිබේ.
එම අපහාසාත්මක කරුණු යූ ටියුබ් නාළිකාවක පළ කළැයි එහි හිමිකරුට සහ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට එරෙහිව රුපියල් මිලියන 500 බැගින් වන්දි ඉල්ලා නඩු පවරා තිබේ.
රාවණා ලංකා නිව්ස් වෙබ් අඩවියේ හිමිකරු වන ජී. පී. නිශ්ශංක යන අයට සිය වෙබ් අඩවිය මගින් ආරක්ෂක ලේකම්වරයාට අපහාස කළැයි කියමින් රුපියල් මිලියන 500 ක් වන්දි ඉල්ලා නඩු පවරා තිබේ.