පුවත්

ජනාධිපති හෙට චීනයට

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා  (14) චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී චීන රජය සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරයා හෙට දිනයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බැවින් කැබිනට් රැස්වීම ඊයේ පස්වරුවේ කැඳවා තිබූ බව ද මේ අතර වාර්තා වේ. 

එහිදී කැබිනට් පත්‍රිකා කිහිපයක් සඳහා ද අනුමැතිය ලබාගෙන තිබේ.

Trending

Exit mobile version