පුවත්

ජ’පුර සිසුවෙක් නේවාසිකාගාරයේදී මරුට

Published

on

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකු අභිරහස් ලෙස මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

මහරගම, කටුවාවල ප්‍රදේශයේ එම විශ්වවිද්‍යාලය මගින් කුළී පදනම මත පවත්වාගෙන යන ශිෂ්‍ය නේවාසිකාගාරයක බිම් මහලේ ලණුවකින් එල්ලෙමින් තිබියදී එම සිසුවාගේ මළ සිරුර සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

එම නේවාසිකාගාරයේ සිසුන් 64කට ආසන්න ප්‍රමාණයක් නේවාසිකව සිටින බවද අනාවරණය වී තිබේ.
අනෙක් සිසුන් විසින් ලණුව කපා දමා ඔහුව පරීක්ෂා කළද, ඔහු මියගොස් ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ යාපනය කයිට්ස් ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි සිසුවෙකි.

මෙම මරණය සැක සහිත බවට මියගොස් ඇති සිසුවාගේ ඥාතීන් පැවසීමත් සමඟ මරණය සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කර තිබේ. මහරගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Trending

Exit mobile version