ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සමග සාකච්ඡා කර තිබේ.
ආර්. සම්බන්ධන් මහතා මාධ්‍යට පවසා තිබුණේ, මෙහිදි 13වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම සහ ඉඩම් නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡා වූ බවය.
මේ අතර එස්. ජයශංකර් මහතා පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ද 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමත් පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පැවැත්වීමත් ඉතා වැදගත් බව ඔහු කියා සිටියේය.
මේ අතර, දැඩි ආර්ථික අර්බුදයක සිටින ශ්‍රී ලංකාව තුළ විශාල ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාව පොරොන්දු වී ඇති බව ද හින්දු වාර්තා කර තිබේ.
අදාළ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ ඇති දූපත් 03ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම් වලට එළඹීම පිළිබඳව මෙම සංචාරයේදී සාක්ච්ඡා කර ඇති බව හින්දු වාර්තාවේ සඳහන් වේ.