පුවත්

ජාතික දරිද්‍රතා මට්ටම ප්‍රකාශයට පත්කරයි

Published

on

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඔක්තෝබර් මාසයට අදාළ ජාතික දරිද්‍රතා මට්ටම ප්‍රකාශයට පත්කර තිබේ.

ඊට අනුව මෙරට පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසිකව අවශ්‍ය කෙරෙන අවම මුදල රු.13,810ක් වන අතර එය පසුගිය සැප්තැම්බර් මාසයේ පැවතියේ රු. 13,772ක් ලෙසටය.

දිස්ත්‍රික්ක පදනම අනුව සිය මූලික අවශතා සපුරා ගැනීමට වැඩිම වැයක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය වන අතර එම අගය රු.14,894කි.

එම මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා අඩුම පිරිවැයක් දැරීමට සිදුව ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයේ වන අතර එය රු.13,204කි.

Trending

Exit mobile version