කූඨ ලේඛන ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත්තේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති චෝදනා පත්‍රය කොළඹ මහාධිකරණය හමුවේ කියවීම ඊයේ (09) සිදු කරන ලදී.
කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී චෝදනා කියවීම සිදු කෙරුණි.
අනතුරුව එම චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව විත්තිකාර ඩයනාගමගේ මහත්මිය සඳහන් කළාය.
එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා විසින් මූලික විරෝධතා මතුකරමින් මෙම නඩුවට පාදක වන ලියවිල්ල සකස් කොට ඇත්තේ 2003 වසරේ බව සඳහන් කරන ලදී.
එහෙත් ඊට අදාළව නඩුව පවරනු ලැබුවේ 2024 බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ වසර 20 කට වැඩි කාලයක් ගත වී ඇති හෙයින් අදාළ ලියවිල්ල සම්බන්ධයෙන් නඩු පැවරීමට නීතිමය හැකියාවක් නැති බවය.
ඉදිරිපත් වූ කරුණු සළකා බැලී මහාධිකරණය විනිසුරුවරයා සඳහන් කළේ මෙම කරුණ නඩු විභාගයේදී සළකා බලන බවය.