හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් පවරන ලද නඩු හතක සාක්ෂි විභාගය ලබන 24 වැනි දින පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (15) නියෝග කලේය.
ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අදාළ නඩු පවරා තිබේ.
සාක්ෂි විභාගය ලබන 24 වැනි දින පවත්වන ලෙසත් සාක්ෂිකරුවන්ට එදින පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කලේය.
ආගමන විගමන පාලක ජනරාල්වරයාට හා කොළඹ මහාධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ භාරකාරවරයාට මෙසේ නොතීසි නිකුත් කරනු ලැබුවේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෝසමක් ඉදිරිපත් කරමින් සාක්ෂිකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කලේය.
හෝකන්දර පදිංචි ඩයනා ගමගේ හෙවත් නයනා සමන්මලී හෙවත් ඩයනා නතාෂා කැකුණදුර යන අය විත්තිකාරිය කරමින් මෙම නඩු හත පවරා තිබේ.
ඊයේ දිනයේ මෙම නඩු කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ආගමන විගමන පාලක ජනරාල්වරයාට හෝ ඔහුගේ නියෝජිතයෙකුට, මහාධිකරණ නඩු භාණ්ඩ කාමරයේ භාරකාරවරයාට, නඩුවේ පළමු සාක්ෂිකරු ලෙස නම් කර ඇති පැමිණිලිකරුට ඔක්තෝබර් 24 වන දින උසාවියේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කලේය.
ඒ අනුව, මෙම නඩු විභාගය ලබන 24 දින සිදු කිරීමට නියමිතය.