රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම දින 5ක කාලයක් සඳහා ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළේය.
අමාත්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ තම සේවාදායකයිකාවට දෙසැම්බර් මස 21දා සිට 23දා දක්වාත් ඉන් පසුව 28 වනදා සිට දින තුනක කාලයක් විදේශගත වීමට අවශ්‍ය ව තිබෙන හෙයින් දැනට නිකුත් කර තිබෙන විදෙස් ගමන් තහනම ලිහිල් කරන ලෙස ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා විසින් එම නියෝගය ලබා දුන්නේය.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම් පත හා විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද කැඳවනු ලැබිණි.